ජනතා විමුක්ති පෙරමුණටත් එහි නායක අනුර දිසානායක මහතාටත් අවලාද නගමින් 'ඉරිදා දිවයින' පුවත්පතේ පලවී ඇති ඉතාමත් නින්දා සහගත අසත්‍ය ප්‍රවෘත්තිය හා විශේෂාංගය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සොයාබැලීමට මේ වනවිටත් නීතිවේදීන් කණ්ඩායමකට භාරදී ඇති බවත්, එම පුවත්පතට එරෙහිව පුවත්පත් මණ්ඩලයට හා පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කිරීමට බලා පොරොත්තුවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා විසින් සිදුකලා යයි කියන CTB අශෝක් ලේලන්ඩ් බස් වංචාවක් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී කල විශේෂ හෙළිදරව් කිරීම් මෙම 'මඩ' මෙහෙයුමට හේතුවී ඇතයි ජවිපෙ පවසයි.
මෙම අතිදැවැන්ත ජනතා මුදල් වංචාවේදී එක් බස්රථයක් සඳහා ලක්ෂ 10ක් බැගින් වැඩිපුර මුදලක් ගෙවා බස් රථ 1000ක් මිලදීගෙන තිබුණ බව ජවිපෙ නායකයා අනාවරණය කළේය.
'දිවයින' පුවත්පතේ හිමිකරු වන්නේ, හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ වැඩිමහල් සොහොයුරා වන නිමල් වෙල්ගම මහතා ය.
නිමල් වෙල්ගම මහතා පසුගිය රාජපක්ෂපාලන සමයේ දී රජයේ ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙසත්, මහ බැංකුවේ මූල්‍ය මණ්ඩල සාමාජිකයෙකු ලෙසට කටයුතු කළේය.
විමලේගේ ව්‍යාපෘතියක් :
යලි රාජපක්ෂවරුන් බලයට ගෙන ඒමට බොළඳ උත්සහයක් නිරත විමල් කණ්ඩායමේ ගෝලයකු වන 'දිවයින' කර්තෘ මාණ්ඩල සාමාජික මනෝජ් අභයධීර මහතා විශේෂ ලියුම්කරුවෙකු නමින් මෙම සාවද්‍ය මඩ ලිපිය ලියා තම ස්වාමීන්ගේ මණදොළ සපුරා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ අනාවරණය කරයි.
එම ලිපියේ අන්තර්ගතය හා සැකැස්ම සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයක් වන බවත්, විමල් වීරවංශ හා මනෝජ් අභයධීර දෙදෙනාගේ දින කිහිපයක සාකච්ඡාවකින් පසු මෙම මඩ අවලාද ලේඛන ගතකර ඇති බවත් ජවිපෙට හිතවත් 'ලංකා ට්රුත්' වෙබ් අඩවියේ දැක්වේ.
ධනපති ක්‍රමයේ අර්බුදයෙන් මේ රට ගලවා ගැනීම සඳහා දැවැන්ත ජනතා බලවේගයක් නිර්මාණය කිරීම සඳහා ධෛර්යයෙන් යුතුව කටයුතු කරමින් සිටින බවත් බොරු ප්‍රවෘත්තිවලින්, අවලාදවලින් ජවිපෙ සාමාජිකයා තුළ ඇති ධෛර්යය බිඳහෙළීමට කිසිවෙකුට හැකියාවක් නැති බවත් මෙම බොරු ප්‍රවෘත්ති විශ්වාස නොකර ජනතා විමුක්ති පෙරමුණ සමග අත්වැල් බැඳගන්නා ලෙසත් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ප්‍රධාන ලේකම්වරයා ඉල්ලා සිටී.
දිවයින දුෂිත කල්ලියේ අතකොලුවක්
මහින්ද රාජපක්ෂ කල්ලියෙන් සහ එම කල්ලියේ අතකොලුවක් වූ පුවත්පතක් විසින් අනුර දිසානායක මහතාට එරෙහිව දිගින් දිගටම අවලදා හා ගොතා නිර්මාණය කරන ලද අපහාසාත්මක ප්‍රබන්ධ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මෙසේ අදහස් දැක්වීය.
May 8, 2016
ජවිපෙට එරෙහිව 'දිවයින' මඩ මෙහෙයුමක
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
