ලංකාවේ ළමා අපයෝජන වැඩිම දිස්ත්‍රික්කය පොළොන්නරුව බව පොළොන්නරුව මහ රොහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි පි. සෙනෙවිරත්න මහතා කියයි.
පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් ලේකම් කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව කියා සිටියේය.
පසුගිය වසරේදී (2015) පමණක් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ළමා අපයොජන සිද්ධින් 220ක් වාර්තා වන බවද ඔහු පැවසීය.
එහි දෙවැනි ස්ථානය හිමිවන්නේ අනුරාධපුරයට බවත්, තෙවැනි ස්ථානය රත්නපුරයට හිමිවන බවත් ඔහු කීය.
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
“මම ලංකාවෙ දිස්ත්‍රික්ක කිපයක ම වැඩ කරල තියෙනවා හැබැයි පොළොන්නරුවෙ ළමා සුබසාධනයට කිසිවක් කෙරෙන බවක් හෝ කරන බවක් පේන්නෙ නෑ. නමුත් රටේ වෙනත් පළාත්වල අපයොජන වලක්වාගැනීමේ වැඩපිලිවලවල් විශාල ප්‍රමාණයක් සිදුවෙනවා.”
පොළොන්නරුව සහකාර දිස්ත්‍රික් ලේකම් ගංගාණි නිරොෂණි මහත්මියගේ ප්‍රධාණත්වයෙන් පැවැති මේ උත්සවය සදහා පොළොන්නරුව මහ රොහලේ ළමා රෝග විශෙෂඥ වෛද්‍ය කේ.පි.සි. පුෂ්පකුමාර ළමා ආරකෂක අධිකාරියේ මනෝ සමාජිය උපදේශක ප්‍රදිප් කොස්වත්ත නීති ආධාරකොමිසමේ නිතඥි ගලප්පත්ති යන මහත්වරුන් ඇතුඑ විශාල පිරිසක් පැමිණ සිටියහ.
May 4, 2016
ලංකාවේ ළමා අපයෝජන වැඩිම පොළොන්නරුවේ
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
