මෙරට වකුගඩු ජාවාරමට අදාළව සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දීය ජාතිකයින් 08 දෙනාගෙන් 06 දෙනෙක්ම මෙරටදී වකුගඩු පරිත්‍යාග කර ඇති බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.
සිද්ධියට අදාළ නඩුව අද (04දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේ නීතීඥයින් පෙන්වා දී ඇත්තේ මෙම සැකකරුවන් මෙරට වකුගඩු ලබා දීමේ නීතියට අනුකූලව මෙම වකුගඩු ලබා දී ඇති බවත්, ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගෙන් අනුමැතිය ලබා ගෙන ඇති බවත්ය.
සැකකරුවන් කඩ කර ඇත්තේ ආගමන විගමන නිති පමණක් බවද නිතිඥවරයා ප්‍රකාශ කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය ස්ථානාධිපති නෙවිල් සිල්වා මහතා විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් එම ජාවාරාම සම්බන්ධ අතරමැදිකරුවන් ගැන පරික්ෂණයක් කරන බව පැවසුවේය.
මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් පවසා සිටියේ මෙම සැකකරුවන් සතුව තිබී ව්‍යාජ ලිපි ලේඛණ හා ව්‍යාජ මුද්‍රා විශාල ප්‍රමාණයක් සොයා ගත් බවයි.
සිද්ධියට අදාළව පරීක්ෂණ තවදුරටත් සිදු කරන බවද කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් පවසයි.
කරුණු සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සැකකරුවන් ලබන 18 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරන ලදී.
Apr 4, 2016
හය දෙනාම වකුගඩු දන්දුන් බව පිළිගනී
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News