පසුගිය දින කිහිපයේම කතාබහට ලක්වූ කුලියාපිටියේ අසාධාරණයට ලක්වූ දරුවා සම්බන්ධයෙන් මෙන්ම ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන්ද ජනතාවගේ මෙන්ම දේශපාලඥයන්ගේද හිත්වල ඇති වැරදි මත බිඳදැමීමට තමා කටයුතු කරමින් සිටින බව සමාජ සවිබල ගන්වීමේ සහ සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා.
අවශ්‍ය නම් මෙම දරුවා ඒඩ්ස් රෝගියෙකු නොවන බව පෙන්වීමට ඔහුගෙන් ලබාගත් ලේ සාම්පලයක් තමන්ට එන්නත් කර ගැනීමට සූදානම් බවත් අමාත්‍යවරයා පවසනවා.
පාර්ලිමේන්තුවේ කී දෙනෙකුට ඒඩ්ස් තිබේ දැයි අප නොදන්නා බවත් එවැන්නෙකු හමුවුවහොත් ඔවුන් පාර්ලිමේන්තුවෙන් එළවා දමන්නේදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළා.
තමාට මෙවැනි මිථ්‍යාවන්ට රැවටිය නොහැකි බවත් හුළඟින් හෝ කෙළවලින් රෝගය බෝ නොවෙන බව දන්නා බවත් ඒ පිළිබඳව ඉගෙනගෙන ඇති බවත් සඳහන් කළා. ලෝකය ඉදිරියේ අපි සියලු දෙනා ගෝත්‍රිකයො ලෙස පෙනේවි යනුවෙන්ද සඳහන් කළා.
කෙසේවෙතත් මේ දරුවාට රෝගය නැතැයි යන්න තහවුරු කර අවසන් බවත් පෙන්වා දුන්නා. එහෙත් සැකයක් ඇති නම් තමන් මෙම දරුවාගේ රුධිර සාම්පලයක් තමන්ට එන්නත් කරගෙන පෙන්වන්නට කැමැති බවත් සඳහන් කළා.
ලංකාවෙ හොඳ පාසලකුයි හොඳ නිවසකුයි මේ දරුවට ලැබෙන බවත් ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් පොරොන්දුවක් දී අවසන් බවත් සඳහන් කළා.
Mar 6, 2016
ඒඩ්ස් යැයි කියන දරුවාගේ ලේ එන්නත් කරගන්න රන්ජන් ලෑස්තියි
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News