අයි. එස්. අයි. එස්. ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක් මෙරට ප්‍රදේශ හයක සිටින බවට බුද්ධී අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා.
අයි. එස්. ත්‍රස්‌තවාදී කණ්‌ඩායම තහනම් කිරීමට මේ වනතුරුත් කටයුතු නොකිරීම නිසා මෙම සංවිධානයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක් වී තිබෙන බවද බුද්ධි අංශ ආරංචි මාර්ග පවසනවා.
බුද්ධි අංශ මගින් පසුගිය කාල සීමාවේදී කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ මෙරට පදිංචිව සිටි මුස්‌ලිම් අන්තවාදී පුද්ගලයන් තිහකට වැඩි පිරිසක් මේ වනවිට අයි. එස්. අයි. එස්. සංවිධානය සමග එක්‌ව සිටින බවයි.
ගලේවෙල ප්‍රදේශයෙන් ගොස් අයි. එස්. අයි. එස් සංවිධානයට බැඳුණු පුද්ගලයකු පසුගියදා හමුදා ප්‍රහාරයකින් ඝාතනයට ලක්‌වුණා.
අයිඑස් ත්‍රස්‌ත සංවිධානයට සම්බන්ධ වෙබ් අඩවි 60 ක් තහනමට ලක් වී නැති අතර එම වෙබ් අඩවි වෙත තවදුරටත් පිවිසීමට මෙරට අයි එස් අනුගාමිකයන්ට හැකි බව ඉහළ පෙළේ හමුදා බුද්ධි අංශ ආරංචි මාර්ග පවසනවා.
මේ හැර මාලදිවයිනේ සිට රෙදි මිලයට ගැනීමේ වේශයෙන් පැමිණෙන පිරිස් ගැන ද අවධානය යොමු වී තිබෙනවා.
මාලදිවයින රජය මේ වනවිට අයිඑස් ක්‍රියාකාරීන් රැසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොළඹ හරහා විදේශගත වීමට සැලසුම් කර තිබූ බව හෙළි වී ඇති බවයි පැවසෙන්නේ.
බුද්ධි අංශ ආරංචි මාර්ග දක්‌වන්නේ කොලන්නාව, සාලමුල්ල, දෙහිවල, කුරුණෑගල සහ නැගෙනහිර පළාතේ ද අයිඑස් අනුගාමිකයන් සිටින බවයි.
අයිඑස් අනුගාමිකයන් ශ්‍රී ලංකාව තුළ සිටින බව රාජ්‍ය බුද්ධි අංශ විසින් පසුගියදා විමර්ශන වාර්තාවක් රජයට ඉදිරිපත් කරමින් අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර සිරියාවේ අයිඑස් ත්‍රස්‌තයන්ට සම්බන්ධ වී මෙරට අනුගාමිකයන් 45 ක් සිටින බවට වාර්තා වනවා.
Mar 26, 2016
ලංකාවේ ප්‍රදේශ 6 ක ISIS ත්‍රස්‌තයෝ - බුද්ධි අංශ අනාවරණය මෙන්න
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News