එක රටකට තිබිය යුත්තේ එක් තීතියක් බවත්, එය උතුරට හා දකුණට පොදු විය යුතු බවත්, තෙල්දෙණියේ තරුණයින්ට මෙන්ම විජයකලාටත් එය වලංගු විය යුතු බැවින් එය ක්‍රියාත්මක වෙනවාද යන්න බලා සිටින බව බොදු බල සේනා මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
එහිමියෝ මේ බව පැවසුවේ එම සංවිධානයේ නියෝජිතයන් පිරිසක් සමඟ කෝට්ටේ ශ්‍රී කල්යාණි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ
ධර්මාලංකාර මහා නායක හිමි බැහැදැකීමට කොට්ටාව, රුක්මල්ගම ශ්‍රී ධර්මවිජයාලෝක විහාරයට වැඩම කළ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසූහ.
"මං හිතන්නේ මේ දවස්වල අපි වියදම් නැතුව කොමඩි ෆිල්ම් බලනවා. සිනමාවේ විකට නළුවන් ඉන්නෙත් කිහිපදෙනයිනේ. දැන් ඉතිං නොමිලේම අපිට මාධ්‍ය තුලින් උතුරේ සහ දකුණේ දේශපාලකයන්ගේ කවටකම්... සරලව කිවුවොත් විහිළු නාට්‍ය සපයමින් සිටිනවා දේශපාලකයෝ. ඉතින් අපිට පිළිකුලක් ඇති වෙනවා මේ රට මොකද්ද කියලා."
"එක රටක තිබිය යුත්තේ එක නීතියයි. ඒක උතුරටත් දකුණටත් පොදු විය යුතුයි. අපි හැමදාමත් කියනවා වගේ උතුරේ සහ නැගනහිර දේශපාලන බලය ලබාගැනීම වෙනුවෙන් දිගින් දිගටම ජාති බේදකාරී ප්‍රකාශ නිකුත්කරන විජයකලාට දෙන දඬුවම මොකද්ද කියලා අපි බලාගෙන ඉන්නවා. ඒක තෙල්දෙණියේ තරුණයන්ට වගේම විජයකලාටත් වලංගු විය යුතුයි. බලමු මේ රටේ බලධාරීන් ICCPR පනතත් අරගෙන විජයකලාවත් වටලන්න යයිද කියලා."
"දැන්නම් අපිට හිතෙනවා මේක මොන පිස්සන්ගේ රටක්ද කියලා. ඉතින් මේ හැම එකෙන්ම පෙනෙන්නේ මිනිසුන්ගේ වහල් කම.. මේ වහල්කමෙන් අත මිදිලා... මේ දේශපාලන කොලම්කාරයන්ගෙන්... මේ දේශපාලන නැට්ටුවන්ගෙන්... මේ දේශපාලන විහිළු සපයන්නන්ගෙන් මේ රට මුදවා ගැනීම සඳහා අපි අනිවාර්යයෙන් කැප විය යුතුයි."
Jul 3, 2018
ඥානසාර හිමි විජයකලා ගැන කී කතාව (video)
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
