බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව ජනාධිපති කොමිසමේ ප්‍රසිද්ධ නොකළ ලේඛන පාර්ලිමේන්තුවට ලබාදීම සම්බන්ධයෙන් ගන්නා පියවර ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද (18) කරු ජයසූරිය කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිතය.
ප්‍රසිද්ධ නොකළ සියලු ලේඛන ලබාදිය හැකිද නැතිනම් ලබාදිය හැකි
ලේඛන මොනවාද යන්න පිළිබඳ ජනාධිපති ලේකම්වරයා කථානායකවරයා දැනුවත් කිරීමට නියමිත වේ.
කථානායක කරු ජයසූරිය මහතා එම ලේඛන ඊළඟ සභා වාරයට පෙර පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස කළ දැනුම් දීමට අනුව ජනාධිපති ලේකම්වරයා මෙම දැනුම් දීම කරනු ඇත.
පාර්ලිමේන්තුවට සියලු ලේඛන ලබාදිය හැකිද යන්න පිළිබඳව ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයාගේ මතය විමසා තිබේ. නීතිපතිවරයාගේ මතය අනුව ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.
නීතිපතිවරයාගේ මතය අනුව මේ සතියේදී ලේඛන සියල්ල ලැබුණහොත් ඒවාද ලේඛනවලින් කොටසක් ලදහොත් ඒවාද පාර්ලිමේන්තුවේදී සභාගත කෙරෙනු ඇති බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවැසීය.
(ලක්බිම)
Jun 17, 2018
බැඳුම්කර ලේඛන ගැන ජනපති ලේකම් මතය පාර්ලිමේන්තුවට
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
