නලයක් කැඩී කෝටි 5ක තෙල් මුහුදට ගිහින් (photos) - Neth News Blog

Jun 17, 2018

නලයක් කැඩී කෝටි 5ක තෙල් මුහුදට ගිහින් (photos)

උස්වැටකෙයියාව මුහුදු තීරයේ සිට මුතුරාජවෙල පර්යන්තයට තෙල් පොම්පකරමින් තිබූ නලයක් කැඩීයාමෙන් තෙල් සංස්ථාවට ආසන්න වශයෙන් රුපියල් කෝටි 5ක පමණ අලාභයක් වී ඇතැයි වාර්තා වේ.

බොර තෙල් ටොන් 50ක් පමණ මෙසේ මුහුදට යන්නට ඇතැයි සැලැකේ.

අදාළ නලය කැඩී ඇති බව මාධ්‍ය විසින් තෙල් සංස්ථාවට දැනුම්දෙන
තෙක් තෙල් සංථාවේ පරිපාලනය එය නොදැන සිටි බව පැවසේ.

මෙම නලය කැඩී යාමෙන් පැය 4ක කාලයක් මුහුදට තෙල් ගොස් ඇති බවද මේ අතර වාර්තා වේ.

අදාළ නලයේ අඩි 200ක පමණ කොටසක් පමුණුව මුහුදු තීරයට ගොඩ ගසා තිබිණි.