නව වැඩපිළිවෙළක් සහිත අලුත් න්‍යාය පත්‍රයක් යටතේ ඉදිරි මාස දහ අටක (18) කාලය තුළ සම්මුතිවාදී ආණ්ඩුව පවත්වාගෙන යැමට එක්‌සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සාකච්ඡා ආරම්භ කර ඇත.
එහිදී ශ්‍රීලනිපය සම්මුතිවාදී ආණ්‌ඩුව නියෝජනය කරන ආකාරය පිළිබඳ තීරණය කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඇමැතිවරුන් පස්
දෙනකුගෙන් යුත් කමිටුවක් ද පත්කර ඇත.
ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා සභාපතීත්වය දරන මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක සහ රංජිත් සියඹලාපිටිය යන ඇමැතිවරුන් ජනාධිපතිවරයා විසින් නම්කර ඇත.
දැනට මතුව තිබෙන තත්ත්වය පිළිබඳ මෙම කමිටුව එජාපය සමඟ සාකච්ඡා කර මූලික ලේඛනයක් සකස් කරමින් සිටින බව කමිටුවේ සභාපති ආචාර්ය සරත් අමුණුගම මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
ඉදිරි මාස දහ අටක කාලය තුළ ආණ්‌ඩුව පවත්වාගෙන යා හැකි ආකාරය පිළිබඳ යෝජනා ඇතුළත් මෙම ලේඛනය ජනාධිපතිවරයාට භාරදීමට සූදානම්ව සිටින බව ද අමුණුගම මහතා ප්‍රකාශ කර ඇත.
මේ දිනවල පොදු රාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවට පැමිණි පසු මෙම ලේඛනය භාරදෙන බව ද ඇමැතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.
අපේ ගෞරවය ගැනත් හිතන්න - ඒකාබද්ධය කියයි
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසන්නේ, ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා කමිටු පත් කළ ද අග්‍රමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිතා කළ නිදහස් පක්ෂ හිටපු අමාත්‍යවරුන්ගේ ආත්ම ගෞරවය පිළිබඳව පක්ෂය සැලකිලිමත් විය යුතු බවයි.
ජාතික ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා නිදහස් පක්ෂය පත් කළ කමිටුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එබව සඳහන් කළේය.
කබීර් හා දුමින්ද සම්මුතිවාදී ආණ්ඩුවේ අවබෝධතා ගිවිසුමට අත්සන් කල අවස්ථාව
2015 අගෝස්තු 21 වන දින එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක යන මහත්වරුන් විසින් පක්ෂ දෙක අතර සම්මුතිවාදී ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අතර, එය වසර දෙකක කාලයක් සඳහා පමණක් වලංගු වන බවත්, දෙපාර්ශ්වයේ එකඟතාව මත ගිවිසුම දීර්ඝ කළ හැකි බවත් එහි විශේෂයෙන් සඳහන් විය.
Apr 16, 2018
එජාපය හා ශ්‍රීලනිපය ඉදිරි මාස 18 ටත් එකට !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide