ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයක් ගොඩ නැගීමට තමනට කිසිදු උවමනාවක් නැති බවත් තමන් ඉදිරියේදීත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.
ඔහු මේ බව පවසා ඇත්තේ පසුගියදා ඇමති ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ ශ‍්‍රිලනිප 16 දෙනාගෙන්
කිහිප දෙනෙකු ඔහු මුණ ගැසීමට පැමිණි අවස්ථාවේදීය.
තමන් ගන්නා ලද දේශපාලන ක‍්‍රියාමාර්ගයන් 50 ලක්‍ෂයක ජනතාවක් අනුමත කර ඇති බව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පෙන්වා දී ඇති නිසා තව දුරටත් තමන් ශ‍්‍රීලනිපයක් ගැන කිසිදු උනන්දුවක් නොදක්වන බවද ඔහු අවධාරණය කර තිබේ
නමුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගොඩ නැගීමේ කටයුත්ත එම පිරිසට කර ගන්නා ලෙසත් එම උත්සාහයට තමන් සුබ පතනා බවත් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.
කෙසේ වෙතත් ඉදිරියේදී ගොඩ නැගෙනා සන්ධානයක් හෝ පෙරමුණක් සදහා අවස්ථාව විවෘතය පවතින බවද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කියා ඇත.
කෙසේ වෙතත් ආණ්ඩු විරෝධී විපක්‍ෂ සටනට මෙම කණ්ඩායම සාදරයෙන් පිලිගන්නා බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කර ඇත.
Apr 16, 2018
Home
Unlabelled
මට ශ‍්‍රිලනිපය එපා.. මං පොහොට්ටුව හදනවා.. ශ‍්‍රිලනිපය ඔබලා හදාගන්න..- මහින්ද 16 කණ්ඩායමට කියයි..
මට ශ‍්‍රිලනිපය එපා.. මං පොහොට්ටුව හදනවා.. ශ‍්‍රිලනිපය ඔබලා හදාගන්න..- මහින්ද 16 කණ්ඩායමට කියයි..
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.