තැලුණ සැමන් ටින් අලුත් කර විකුණලා - Neth News Blog

Dec 27, 2016

තැලුණ සැමන් ටින් අලුත් කර විකුණලා

ටින් මාලු මිලදී ගැනිමේදී එහි ලේබලය සහ ටින් එකෙහි නිමාව පිළිබඳ සැලකිලිමත්වෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තැළුණු සැමන් ටින්වලට නව ලේබල් අලවා අලෙවිකරන ජාවාරමක් හෙළි කරගැනීමට එම අධිකාරියේ නිලධාරීන් සමත් වී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කරයි.
මෙවැනි ආකාරයට සැමන් ටින් අලෙවි කරන්නන් පිළිබඳ හෝ සකස් කරන්නන් පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳ පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටියි.

සැමන් ටින් විකිණීමට පැමිණෙන වෙළෙඳ නියෝජිතයන් පිළිබවඳ අවධානයෙන් සිටින ලෙසද එම අධිකාරිය ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියි.