දෙමටගොඩදී පුද්ගලයකු පැහැරගෙනයාම ඇතුළු අධිචෝදනා 29 යටතේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, ඇගේ ආරක්ෂක නිලධාරීන් හා ආධාරකරුවන් ඇතුළු 9කට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කැළුම් නෙරන්ජන්, මලින්ද ජයතිලක, කසුන් සම්පත්, ඉන්දික රුවන් පුෂ්පකුමාර සොයිසා, මයිකල් ඇන්තනී, සංජීව අබේසිරිවර්ධන, නියාස් මොහොමඩ් රිප්වාන් හා ජෙගනාදන් ඇන්තනී යන විත්තිකරුවනට එරෙහිව මෙසේ නඩු පවරා ඇත.
2015.12.21 දෙමටගොඩදී අමිල ප්‍රියංකර අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් පැහැරගෙනයාම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන ගොස් රඳවා තබාගැනීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටීම, සාපරාධී බලහත්කම්පෑම, බියගැන්වීම හා ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදනා විසි නමයක් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇත.
මෙම අධිචෝදනා ඔප්පු කිරීම සඳහා සාක්ෂිකරුවන් දහයක් හා ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දන්වා ඇත.
Aug 8, 2016
හිරුණිකාට චෝදනා 29ක් යටතේ නඩු
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
