පසුගිය 01 වැනිදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු පළාතේ සංචාරයක නිරත විය.
ඊට ප්‍රධාන හේතු කාරණාව වූයේ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම හා හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලය විවෘත කිරීමය.
බුද්ධික මහතාගේ පියාගේ අවමගුලට එක්වූ ජනපති ඊට පසුව ගමන් කළේ ෂැන්ග්‍රිලා හෝටලය විවෘත කිරීමටය.
ජනපති ෂැන්ග්‍රිලා හෝටලයට යද්දී මහින්ද අමරවීර හා ජෝන් අමරතුංග ඇතුළු මැති ඇමතිවරු පිරිසක් රත්මලානේ සිට විශේෂ ගුවන් යානයකින් මත්තලට විත් එතැනින් ෂැන්ග්‍රිලා හෝටලයට පැමිණ සිට ඇත.
ජොන් අමරතුංග ඇමතිවරයා දුටු ජනපතිවරයා "ජෝන් ඇමතිතුමා දැන් නිතර හිට් නිවුස් මවනවනේ..පත්තරවල ලොකුවට යන්න මොකක් හරි කතාවක් කියන්කෝ…” යනුවෙන් ඉල්ලීමක් කර ඇත්තේ පැමිණ සිටි අය සිනහ ගස්වමින් බව පැවසේ.
FCID යට දෙහි කපයි !
එසේම ජනපතිවරයා එහිදී රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් FCID ය කටයුතු කරන ආකාරය ගැන සිය අප්‍රසාදය පලකර ඇත.
“පෞද්ගලිකව නිලධාරීන්ට කරදර කිරීම මම අනුමත කරන්නෙ නැහැ” යනුවෙන් ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත.
Jun 4, 2016
ජනපති ජෝන්ගෙන් පුවතක් ඉල්ලා FCIDයට දෙහි කපයි
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
