'මහින්ද රාජපක්‍ෂලාට බිය නොවූ අපි ඒ අයගේ ගැත්තන්ට යටත් වන්නේ නැතැයි' රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මගින් ප්‍රකාශ කොට ඇති මැයි 31 වැඩවර්ජනය පිළිබඳව අදහස් දක්‌වමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්‌තර රාජිත සේනාරත්න මහතා ඊයේ (29 දා) කළුතරදී ප්‍රකාශ කළේය.
ඒ මහතා එසේ පැවසුවේ ළමා හා මාතෘ රෝහලට සහ කළුතර මහ රෝහලේ මහල් හතකින් යුතු වාට්‌ටු ඇතුළු ගොඩනැඟිලි සංකීර්ණයට මුල්ගල් තැබීමේ අවස්‌ථාවට එක්‌වෙමිනි.
තමා වසර 15 ක් වෘත්තීය සමිති නායකයකු ලෙස කටයුතු කළ කෙනෙක් බවත් කිසිදිනෙක පත්වීම්වලට අත ගසා නැති බවත් හෙතෙම පවසයි. පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් කර ඇත්තේ විශ්වවිද්‍යාලයේදී ඒ ඒ අය ලැබූ ලකුණු ප්‍රමාණය අනුව නීත්‍යානුකූල ආකාරයට බවත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය තමන්ට අවශ්‍ය පරිදි ඒ පත්වීම් දීමට උත්සාහ කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
එහිදී තවදුරටත් අදහස් දැක්‌වූ ඒ මහතා මෙසේ ද කීය.
''වසර ගණනාවක් තිස්‌සේ වෛද්‍යවරුන් නැතිව ගම්බද රෝහල් 40 ක් වැසී ගිහින්. ඒ අනුව එක එක අයගේ මායාවලට යටවෙන්න බැහැ. වතු රෝහල් රැසක් වෛද්‍යවරුන් නැතිව වැසී ගියා. උතුරේ හැම රෝහලක්‌ම පළමු වරට ඇරෙන්නේ මේ වතාවේයි.
වෘත්තීය සමිති කළ කාලයේ මම හැසිරුණේ මේ වගේ අය එක්‌ක නොවෙයි. මහා පරාක්‍රමබාහුට පසුව ආ මහා ඡේ. ආර්. සමඟ. රණසිංහ ප්‍රේමදාස සමඟ. මේ අය කතා කරන්නේ ගමේ රෝහලට වෛද්‍යවරු නැති එක ගැන නොවෙයි. අපි මාතෘ සායන 900 ක් හදන්නේ ගම්වල සෞඛ්‍ය සේවාව දියුණු කරන්නයි.''
May 30, 2016
'ගැත්තන්ට යටත් වන්නේ නෑ' - රාජිත
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
