ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක කෙරෙන ‘වස විසෙන් තොර රටක්’ ව්‍යාපෘතිය සම්බන්ධව රතන හිමි සහ අමාත්‍ය චම්පික රණවක අතර ගැටුම කැබිනට් මණ්ඩලය දක්වා දුර දිග ගොස් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එම ගැටුමට හේතුව වී ඇත්තේ වස විස ව්‍යාපෘතිය වෙනුවෙන් චම්පික ඇමැතිවරයා විසින් හයිබි‍්‍රඩ් පොහොර වර්ගයක් පිළිබඳ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබීමයි.
මෙම ව්‍යාපෘතිය මීට පෙර චම්පික රණවක පරිසර ඇමැතිව සිටිය දී ‘පිළිසරු’ ව්‍යාපෘතිය යටතේ ද ගෙන එන ලද යෝජනාවකි.
එම ව්‍යාපෘතියට අනුව කොම්පෝස්ට් පොහොර නියමිත ප‍්‍රමිතියට නිෂ්පාදනය කිරීමට මේ වන විට අසමත්ව ඇති බැවින් යම් ප‍්‍රමාණයකට රසායනික පොහොර ද ඒ සඳහා එකතු කර ‘හයිබි‍්‍රඩ් පොහොර’ නමින් පොහොර වර්ගයක් නිෂ්පාදනය කිරීම අරමුණු කෙරේ.
නමුත් මෙම ව්‍යාපෘතිය සඳහා රතන හිමියන්ගේ සම්පූර්ණ විරෝධය එල්ල වී ඇති අතර උන්වහන්සේගේ අදහස වී ඇත්තේ මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේ දී සම්පූර්ණයෙන් වස විසෙන් අත්මිදිය යුතු බවයි.
සම්මන්ත‍්‍රණයෙදිත් මත ගැටුමක් :
මේ අතර ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එකතුවෙන් මැයි 10 වන දින බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වූ වකුගඩු රෝගය සම්බන්ධ සම්මන්ත‍්‍රණයක දී වකුගඩු රෝගය සඳහා බලපාන හේතු අතරින් ගොවිතැන සඳහා යොදන රසායනික ද්‍රව්‍ය ප‍්‍රධාන හේතුවක් නොවන බවට මතයක් ඉදිරිපත් වී තිබුණි.
ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන සංස්ථාවකි.
ඒ අනුව ඔවුන් ගෙන එන ලද යෝජනාව වූයේ ජලය පිරිසිදු කිරීම සඳහා පෙරන යන්ත‍්‍ර (Ro Plant) ඉදිකර ජනතාවට පිරිසිදු ජලය ලබා දීම හරහා වකුගඩු රෝගය නිවාරණය කළ හැකි බවයි.
කෙසේ වෙතත් මෙම වැඩසටහන සඳහා සහභාගි වූ රතන හිමියන්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2013 වර්ෂයේ දී උතුරු නැගෙනහිර වකුගඩු රෝගය සම්බන්ධ ඉදිරිපත් කළ පරීක්ෂණ වාර්තාව උපුටා දක්වමින් පවසා ඇත්තේ රසායනික පොහොර භාවිතය නිසා පසට එක්වන ආසනික් වකුගඩු රෝගය සඳහා බලපාන බව එම වාර්තාවේ සඳහන් වන බවයි.
එසේ නම් දැන් එම මතය වෙනස් වීමට බලපෑ හේතුව කුමක්දැයි රතන හිමියන් විමසා තිබේ.
May 28, 2016
රතන හිමි - චම්පික 'වස විස ගැටුම' කැබිනෙට්ටුවට
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
