ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදා ඇති යුද්ධ හමුදාව ඉවත් කර ඒ වෙනුවට පොලිසිය යොදන බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.
යුද්ධ හමුදාවේ කොමාන්ඩෝ බළකායේ සෙබළුන් 35 දෙනකු ඇතුළු ආරක්ෂකයන් 50 දෙනකුගේ ආරක්ෂාව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාට යොදවා තිබේ.
ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් මින් ඉදිරියට යුද්ධ හමුදා සාමාජිකයන් යෙදවීම නැවැත්වීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ප්‍රභූ ආරක්ෂාවෙන් මෙසේ යුද්ධ හමුදා සාමාජිකයන් ඉවත් කිරීම සිදුවෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ කිසිඳු ප්‍රභූවරයකුට යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ආරක්ෂාව යොදා නැති බවත් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කියයි.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව කියා සිටියේය.
මහින්දගේ ආරක්ෂාව :
හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා භට පිරිස් ඉවත් කිරීම පිළිබඳවද මෙහිදී අදහස් පළ කල ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා, හිටපු ජනපතිතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිය අංශ ඉතා වගකීමකින් කටයුතු කරන බව අවධාරණය කළේය.
මෙය ක්‍රියාවලියක් ඔස්සේ සිදු කෙරෙන බවත් හිටි හැටියේ තිබෙන ආරක්ෂාව ඉවත් කර අලුත් ආරක්ෂාවක් යොදවා නොමැති බවත් ඔහු පැවසිය.
මහින්දට අලුතෙන් අය එව්වේ නැති ලු !
කෙසේවුවද, සිය ආරක්ෂක බල ඇණියෙන් ඉවත්ව යන හමුදා භට පිරිස් වෙනුවට ආරක්ෂක නිළධාරීන් කිසිවෙකු තවමත් එවා නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විශේෂ ප‍්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
May 17, 2016
ගෝඨාගේ ආරක්ෂාවත් පොලිසියට
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
