මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23 ) සිට පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
උන්වහන්සේගේ අපවත්වීම කුමන්ත්‍රණයක් මත සිදුවී ඇති බවට උඩුවේ ධම්මාලෝක හිමියන් ඇතුළු කිහිපදෙනකු විසින් පසුගිය දිනවල කළ ප්‍රකාශ සැලකිල්ලට ගෙන මෙම පරීක්‍ෂණ ආරම්භ කළැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
උඩුවේ ධම්මාලෝක, මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ ඇල්ලේ ගුණවංශ යන හිමිවරුන් ඊයේ (22) සහභාගී වූ මාධ්‍ය හමුවක දී උන්වහන්සේලා කියා සිටියේ, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම ඝාතනයක් වන අතර ඊට බල පෑ හේතු පිළිබඳව කරුණු තමන් සතු බවයි.
ඒ අනුව, මෙම අපවත්වීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ජනාධිපති අගමැති සහ පොලිස්‌පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීමද සැලකිල්ලට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති පරීක්‍ෂණයට උඩුවේ ධම්මාලෝක හිමියන් ඇතුළු විවිධ පාර්ශවයන්ගේ සහාය ලබාගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඉහත පොලිස් නිලධාරියා කීය.
නීතියෙන් බේරීමේ උපක්‍රමයක් ;
කෙසේවුවද, සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය විසින් ඊයේ (23) කැඳවන ලද මාධ්‍ය හමුවකදී, එහි කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා කියා සිටියේ ‘මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් හැටියට විග්‍රහ කරනු ලබන්නේ නීතියේ රැහැනින් බේරීමට අවශ්‍ය භික්ෂූන් කීප දෙනකු විසින් වන බවයි.
සෝභිත හිමි අපවත් වීම ඝාතනයක් හැටියට විග්‍රහ කරනු ලැබීම යටි අරමුණු මත නිර්මාණය කරන ලද ප්‍රවාදයක්’ වන බව ඔහු සඳහන් කළේය.
අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් ආදාහනය කරනු ලැබීමට පෙර මෙම එකම භික්ෂූන් වහන්සේ නමක් වත් ආදාහනය කිරීම නතර කරන ලෙස හෝ මෙවැනි ඝාතන කතාවක් සිදු නොකළ බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පෙන්වා දුන්නේය.
Mar 24, 2016
සෝභිත හිමි අපවත්වීම ගැන සීඅයිඩී පරීක්‍ෂණයක්
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News