AIDS කියා පාසැලක් නොදුන් 'දරුවාගේ මවට' ජනපතිගෙන් ඇමතුමක් - Neth News Blog

Mar 5, 2016

AIDS කියා පාසැලක් නොදුන් 'දරුවාගේ මවට' ජනපතිගෙන් ඇමතුමක්

එච්.අයි.වී. ආසාදිතයකු බවට පැතිර ගිය ව්‍යාජ ප්‍රචාරයක් හේතුවෙන් පාසල අහිමි වූ දරුවාගේ මවට ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා අද(05) දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.
 නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද කුලියාපිටියට ගොස් එම දරුවා සහ මව හමුවූ අවස්ථාවේ දී මෙලෙස ජනාධිපතිවරයාට සිය දුරකථනයෙන්  ඇමතුමක් ලබා දුන්නා.

එම දුරකතනයෙන් දරුවාගේ මව අමතමින් ජනපති සඳහන් කර ඇත්තේ දරුවාට පාසැලක් ලබා දෙන බවයි.
එමෙන්ම එම පවුලට කිසිදු හිරිහැරයක් වීමට තමන් ඉඩ නොදෙන බව ද මෛත්‍රීපාල  සිරිසේන මහතා සඳහන් කර තිබෙනවා.

මෙහිදී දරුවාගේ මව සඳහන් කර ඇත්තේ පාසැල් ලබා දීමට ඇතැම් අය කතා කළත් කිසිවක් මෙතෙක් තහවුරු කර නොමැති බවයි.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙම දරුවාගේ සිදුවීම සම්බන්ධයෙන් මුල සිටම මැදිහත්වූ අතර මීට පෙර මෙම දරුවාට පාසැල ලබා දුන්නේ ද ඔහුගේ මැදිහත්වීම අනුවයි.