ක්‍රීඩා නොකරන නායකයා ලෙස ලසිත් මාලිංග ආසියානු කුසලාන පන්දුවාර විස්සයි - 20 තරගාවලියට එක් කර ගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩා විචාරකයන්ගේ දැඩි දෝෂ දර්ශනය එල්ලව ඇතැයි වාර්තා වේ.
මාලිංග මේ තරගාවලියට එක්ව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල හා එහි උප සභාපති ජයන්ත ධර්මදාස යන දෙදෙනාම නොමඟ යවා බවටද කතා බහක් පැතිර තිබේ.
තවමත් නිසි ලෙස සුවවී නොමැති මාලිංගව කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයෙක් ලෙස නම් කිරීමෙන් තවත් යොවුන් ක්‍රීඩකයකුට එම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හෝ අත්දැකීම් ලබා ගැනීමට තිබූ අවස්ථාව වැලැකී ගොස් ඇති බවද ඔවුන්ගේ අදහස වී ඇත.
සාමාන්‍යයෙන් ආබාධ සහිත ක්‍රීඩකයකු කණ්ඩායමකට නම් නොකරන අතර මෙසේ ආබාධ සහිත සම්පූර්ණයෙන්ම සුව නොවූ ක්‍රීඩකයෙක් තරගාවලියකට නම් කරන ලද පළමු අවස්ථාව මෙය බවද පැවසේ.
IPL අත්නොහරින මාලිංග
මේ අතර, අදාළ ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ ලසිත් මාලිංග පසුගිය වසර 8ක කාලයක් තුළ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට නොකඩවා සහභාගිවී ඇති බවයි.
මාලිංග වසර පුරාම ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉලක්ක කර තරගවදින්නේද යන්න පිළිබඳව සැකයක් අතැයිද ඔවුහු කියා සිටිති.
ජෙෆ්රි වැන්ඩේසේ හොඳ ටෙස්ට්වලට
ආසියානු කුසලාන පිලට නම් කර ඇති යොවුන් පාදඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩේසේ (Jeffrey Vandersay) සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මතු කළ කාරණාවක් නිසා මේවන විට ක්‍රිකට් පිටිය උණුසුම්ව තිබේ.
ඒ ෆොඩ් සඳහන් කරන්නේ වැන්ඩේසේ පන්දුවාර විස්සයි - 20 තරගවලට යොදවා නටබුන් කිරීම පසෙක තබා ඔහු ටෙස්ට් තරගවලට යොදවා කඩුලු ලබා ගැනීමට උනන්දුකර විය යුතු බවට කළ ප්‍රකාශක් නිසාය.
Feb 22, 2016
මාලිංග, තිලංග හා ජයන්ත අන්දලා ?
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News