නෙත් එෆ්. එම්. බැලුම්ගල කළ අනාවරණයකට විරුද්ධව වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කොල්ලුපිටිය පොලිසියට කළ පැමිණිල්ලක් යොදා ගනිමින් එම පොලිසියේ නිලධාරීන් අධිකරණය නොමඟ යවා නෙත් එෆ්. එම්. හි ප්‍රධාන දුරකථන අංකයේ
සවිස්තරාත්මක බිල්පතක් ලබාගනිමින් නිදහස් මාධ්‍යට බරපතල ප්‍රහාරයක් එල්ලකර අතැයි වාර්තා වේ.
තෙවරප්පෙරුම අමාත්‍යවරයා විසින් කළුතර ප්‍රදේශයේ ඉඩමක් බලහත්කාරයෙන් අල්ලා ගැනීම සම්බන්ධයෙන් මේ අනාවරණය කර තිබේ.
අමාත්‍යවරයාගේ පැමිණිල්ලට කොල්ලුපිටිය ස්ථානාධිපතිවරයා බැලුම්ගල කණ්ඩායමක් පොලිසියට ගෙන්වා අදාළ තොරතුරු ලබාදුන් අය හෙළිකරන ලෙස මුලින්ම බලපෑම්කර තිබේ.
පසුව බැලුම්ගල කණ්ඩායමේ සාමාජිකයන් පවසා ඇත්තේ මාධ්‍යවේදීන්ට තොරතුරු ලබාදුන් අය හෙළි නොකර සිටීමට ලංකා නීතියෙන්ම අවසරයක් ඇති බැවින් එම තොරතුරු හෙළිකිරීම ප්‍රතික්ෂේප කර ඇත.
එසේම, එම කැඳවීමේදී අදාළ ප්‍රවෘත්තිය නිවැරදි බව නෙත් එෆ් .එම් කණ්ඩායම පොලිසියට පවසා ඇති අතර රාජ්‍ය දේපල වන දුරකතන රැහැන් ඇදි ලී කණු පවා පලා මෙම ඉඩමේ වැට ගසා ඇති බව ඔවුන් එහිදී දන්වා තිබේ.
මෙම අවස්ථාවේ කුපිත වූ පොලිස් ස්ථානාධිපතිවරයා " හරි අපි තොරතුරු හොයා ගන්නම්" යැයි පවසා ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ කොල්ලුපිටිය පොලිසිය අධිකරණයද නොමඟ යවමින් නෙත් එෆ් .එම් දුරකතනයට පැමිණෙන ඇමතුම් දැන ගැනීම සඳහා තොරතුරු ඇතුළත් බිලක් ලබා ගැනීමට උසාවි නියෝගයක් ලබාගෙන ඇත.
අනතුරුව බිල ලබාගත් පොලිසිය එම බිලේ සඳහන් දුරකතන අංකවලට විටින් විට ඇමතුම් ලබාදී අදාළ පුද්ගලයන්ට කටඋත්තරයක් ලබාදීමට කොල්ලුපිටිය පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබේ.
එහිදී නෙත් එෆ්. එම් වෙත කතා කොට ගීත ඉල්ලීම් කළ රසික රසිකාවියන්ටද පොලිසියට පැමිණීමට සිදුව ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් නෙත් එෆ්.එම් වෙතින් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ මේ සම්බන්ධව නීති ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.
Jul 4, 2018
කොල්ලුපිටිය පොලිසිය නෙත් FM දුරකථනයක ෆුල් ඩීටෙල් බිලක් අරන් !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
