වලසෙකු සොයා ගිය තෙවරප්පෙරුමගෙන් නිලධාරීන්ට දෝස්මුරයක් (VIDEO) - Neth News Blog

Jul 25, 2018

වලසෙකු සොයා ගිය තෙවරප්පෙරුමගෙන් නිලධාරීන්ට දෝස්මුරයක් (VIDEO)

යාල වනෝද්‍යානය තුළ තුවාල ලැබූ වලසෙකු සිටින බවට යාල වනෝද්‍යාන නැරඹීමට පැමිණි සංචාරකයෙකුගෙන් ලද තොරතුරකට අනුව වලසා පිළිබද සොයාබැලීම සදහා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පෙරේදා(24) යාල වනෝද්‍යානය වෙත ගොස් ඇත.

අමාත්‍යවරයා එහි යන අවස්ථාවේදී යාල වනෝද්‍යානයේ ප්‍රධාන දොරටුව
වසා තැබීම සහ කිසිදු නිලධාරියෙකු එහි නොසිටීම නිසා වනජීවී නිලධාරීන් අමාත්‍යවරයාගේ දෝෂ දර්ශනයට ලක් විය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව තුවාල වූ වලසා සෙවීම සදහා නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන් සමඟ පිටත්ව යාමට සූදානම් වුවද ඔහු පැමිණි වනජීවී අමාත්‍යංශයට අයත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථය වහාම නැවතත් අමාත්‍යංශය වෙත කැඳවන ලෙසට දන්වා තිබුණා.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා තම පෞද්ගලික රියෙහි නැගී තුවාල වූ වලසා සෙවීමේ ගමන ආරම්භ කළද එම රියෙන් වැඩි දුරක් යාමට නොහැකි වූ හෙයින් වලසා සෙවීමේ කටයුතු අතරමග නතර විය.

එම වීඩියෝව පහතින්,