‘‘එළියට දැම්මට කමක් නෑනේ මරන්නේ නැතිව මල්ලි‘‘ සිරිකොතෙන් ඉවත් කළ මාධ්‍යවේදීන්ට රංජන් කියපු දේ (VIDEO) - Neth News Blog

Jul 25, 2018

‘‘එළියට දැම්මට කමක් නෑනේ මරන්නේ නැතිව මල්ලි‘‘ සිරිකොතෙන් ඉවත් කළ මාධ්‍යවේදීන්ට රංජන් කියපු දේ (VIDEO)

එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේ අද පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ව සිරිකොත මූලස්ථානයේ ඉවත් කිරිමට එහි ආරක්ෂක නිළධාරීන් කටයුතු කර තිබුනා. මේ හේතුවෙන් කළකිරීමට පත් මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් විමසූ විට පැවැසුවේ වත්මන්
ආණ්ඩුව පසුගිය ආණ්ඩුව මෙන් මාධ්‍යවේදීන් ඝාතනය නොකළ බවයි.

පසුව මාධ්‍යවේදීන්  බල්ලන්සේ එළියට දාන්නේ ඇයිදැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ ‘‘එළියට දැම්මට කමක් නෑනේ මරන්නේ නැතිව මල්ලි,ගියපාර 36ක් මැරුවා. මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. පොඩ්ඩක් එළියට වෙලා ඉන්න කිව්වට අපි ඇවිත් මේ උඹලට කතා කරන්නේ? ගැහුවෙත් නෑ, මැරුවෙත් නෑ පොඩ්ඩක් එළියට යන්න කිව්වා. ගණන් ගන්න එපා‘‘ යනුවෙන්.

එසේම අද පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳහා විජයකලා මන්ත්‍රීවරය නොපැමිණි බවත්, මන්ත්‍රීවරියට ස්පීකර් ෆෝන් දමා කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන්ටද ප්‍රශ්නයක් එල්ලවිය හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ තමන් සිදු කළේ ජාතික කර්තව්‍යයක් බව ප්‍රකාශ කරමින්.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.