පවිත්‍රා හා ඇගේ සැමියා එජාපය සමග එක්වී පොහොට්ටුවට එරෙහි දේශපාලන කුමන්ත‍්‍රණයක.. - Neth News Blog

Jul 29, 2018

පවිත්‍රා හා ඇගේ සැමියා එජාපය සමග එක්වී පොහොට්ටුවට එරෙහි දේශපාලන කුමන්ත‍්‍රණයක..

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි හා ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න විසින් දේශපාලන කුමන්ත‍්‍රණයක් දියත් කර ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතා පවසයි.

රත්නපුර මහ නගර සභාවේ බලය පිහිටුවීමට ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන්
දෙදෙනෙකුගේ සහයෝගය ලබා ගත හැකිව තිබියදී එජාප මන්ත‍්‍රීන් 10 දෙනෙකු හා පොහොට්ටුවේ මන්ත‍්‍රීන් 03ක් එක්ව නගරාධිපති පොහොට්ටුවෙන් හා උප නගරාධිපති එජාපයෙන් පත් කල බවටද ඔහු චෝදනා කරයි.

පවිත්‍රා වන්නිආරච්චි මන්ත‍්‍රීනියට හා ඇගේ සැමියාට උවමනා කරන්නේ එජාපය වැටෙන්නට නොදී රැක ගැනීම බවත් ඔහු තව දුරටත් කියා සිටී.

ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.