අර්ජුන රණතුංගට හා අරවින්දද සිල්වාට තරග පාවාදීමේ චෝදනා.. - Neth News Blog

Jul 29, 2018

අර්ජුන රණතුංගට හා අරවින්දද සිල්වාට තරග පාවාදීමේ චෝදනා..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේදී මුලින්ම මුදලට තරග පාවා දිමේ චෝදනා එල්ල වූයේ අර්ජුන රණතුග හා අරවින්ද ද සිල්වාට බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

තරග පාවාදීම සහ ඔවුන් ඩොලර් 15,000ක් ගත් බව ලිඛිතව වාර්තා
ඇති බවත් ඒවා පරීක්‍ෂා කර දඬුවම් නොකලේ යයි ලංකාවේම් ක‍්‍රිකට් ප‍්‍රජාව තමනට බනින බවද ඔහු කියා සිටී.

එම ඩොලර් 15,000ක මුදල ගුප්තා නම් අයෙකුගෙන් ගත් බවත් බුකිකාරයෙකු සමගින් වැඩ කල බවත් ලෝකෙම ප‍්‍රසිද්ද බවත් ඔහු කියා සිටී.

අනුරාධපුරයේදී පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.