ජනාධිපතිවරණයට හොඳම අපේක්ෂකයා එජාපයෙන් ගේන්න සැළසුම් - Neth News Blog

Jul 26, 2018

ජනාධිපතිවරණයට හොඳම අපේක්ෂකයා එජාපයෙන් ගේන්න සැළසුම්

මීළඟ ජනාධිපතිවරණයට හොඳම අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා.

ජනාධිපතිවරණයේදී ප‍්‍රතිවාදීන්ට තියුුණු තරගයක් ලබාදීමට සිය පක්ෂය දැන් සිටම සැලසුම් සකස් කරමින් සිටින බවයි කොළඹ පැවති උත්සවයකින්
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

එහිදී වැඩි දුරටත් සඳහන් කෙරුණේ එම අපේක්ෂකයා සිය පක්ෂයේ නායකතුමා මෙන්ම වෙනත් කවුරුහරි වීමේ හැකියාවක් ඇති බවයි.