මත්තල හිමිකාරීත්වය නොගන්නා බව ඉන්දීය රජය කියයි - Neth News Blog

Jul 27, 2018

මත්තල හිමිකාරීත්වය නොගන්නා බව ඉන්දීය රජය කියයි

ශ්‍රී ලංකාවේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පාලන හිමිකාරිත්වය අත්කර ගැනීමට ඉන්දිය රජය අපේක්ෂා නොකරන බව එරට ගුවන්සේවා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජයන්ත් සිංහා මහතා ඉන්දීය පාර්ලිමේන්තුවේදී ( ලෝක් සභාවේදී ) ප්‍රකාශ කර ඇතැයි ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත්සේවය ඊයේ (27) වාර්තා කළේය.

එම ගුවන්තොටුපල අත්පත් කර ගැනීමට ඉන්දීය ගුවන්තොටුපල
අධිකාරියේ සැලසුමක් පවතින්නේ ද යන්න ගැන පෙරේදා(26) රැස් වූ ඉන්දීය ලෝක් සභාවේදී භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීනී පූනම් මහජන් යොමුකළ ප්‍රශ්නයකට ලිඛිත පිළිතුරු දක්වමින් ඉන්දීය රාජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු දැක්වීම සිදු කළ බවද එම පුවත්පත් සේවා වාර්තා වේ දැක්වේ.

භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරිය සිය ප්‍රශ්නයට වැඩිදුරටත් පිළිතුරු දක්වමින් ඉන්දීය සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එවැනි යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ,මේ අවස්ථාවේදී එවැනි යෝජනාවක් සැලකිල්ලට නොගන්නා බවය.

මත්තල පියාසර පුහුණු පාසලක් සහ ගුවන් යානා නඩත්තු වැඩ පොළක් ඉදිකරන්නේ ද යන්න පිළිබදව භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරිය නැගු ප්‍රශ්නයට ද ඔහු ලබාදී ඇත්තේ ඍණාත්මක පිළිතුරක් බවද එම වාර්තාවේ දැක්වේ.

(ලංකාදීප)