ජනාධිපති අසාධාරණයි.. අපට පඹයන් වගේ ඉන්න බෑ…- එජාප ප‍්‍රබල ඇමතිවරුන්ගෙන් ජනාධිපතිට දැඩි විරෝධය..- [Video] - Neth News Blog

Jul 27, 2018

ජනාධිපති අසාධාරණයි.. අපට පඹයන් වගේ ඉන්න බෑ…- එජාප ප‍්‍රබල ඇමතිවරුන්ගෙන් ජනාධිපතිට දැඩි විරෝධය..- [Video]

අධ්‍යාපන ඇමතිවරයා විසින් ගුරු සහ විදුහල්පති පිරිසකට උසස්වීම් ලබාදීම සදහා ගෙන තිබූ තීරණය වහා අත්හිටුවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ගත් තීරණය අනුමත නොකරන බව එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබල ඇමතිවරුන් පවසයි.

ඇමතිවරුනට ඔවුන්ගේ වැඩ කටයුතු කිරීමට ඉඩ දිය යුතු බවත් ඇමතිලා
පඹයන් සේ සිට පලක් නැති බවත් ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඇමති කබීර් හෂීම් මහතාද පවසන්නේ මෙම ක‍්‍රියාව අසාධාරණ ක‍්‍රියාවක් බවත් ඒ ගැන ජනාධිපතිවරයා සමග සාකච්චා කිරීමට බලාපොරොත්තු වන බවත්ය.