මත්ද්‍රව්‍ය ජාවාරම් කළ එජාප අපේක්ෂකයා රිමාන්ඩ් - Neth News Blog

Jul 29, 2018

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ එජාප අපේක්ෂකයා රිමාන්ඩ්

පළාත් පාලන මැතිවරණයේ දී කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවට (එ.ජා.ප) තරඟ කළ අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

 නාරම්මල පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ ගංජා කිලෝ
1යි ග‍්‍රෑම් 50ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටියදීයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කුලියාපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත් මාධව අධිකාරි විසින් අගෝස්තු මස 8 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියම කර තිබේ.

පසුගිය පළාත්පාලන මැතිවරණයේ දී කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර පරාජයට පත්වූ සුගත් පේ‍්‍රමසිරි නොහොත් මානාව නිශාන්ත නැමැත්තා එලෙසින් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ගංජා අලෙවිකරන බවට පොලිසියට දිගින් දිගට ලද තොරතුරු අනුව නාරම්මල ස්ථානාධිපතිවරයා විසින් සැකකරු මානාව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී එය වළක්වාලමින් සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුගේ සහෝදරයාද එදිනම අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එම සැකකරුද එළැඹෙන 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම වී ඇත.

නාරම්මල පොලිස් ස්ථානාධිප ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නාමල් පෙරේරා ඇතුළු පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබූ අතර නීතිඥ උපුල් අලගියවන්න, දහම් රාජපක්ෂ යන අයද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියා.