Neth News Blog

Neth News Blog

test

Breaking

Jul 30, 2018

බලු ප්‍රශ්නයක් නිසා ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වර්ජනයක

4:45 AM
බලු ප්‍රශ්නයක් නිසා ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වර්ජනයක
කුවෙට් ජාතික යුවළක විසින් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන්ට සිදුකළ පහරදීමකට විරෝධය පළ කරමින් මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධරීහු වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටිති.

ඉකුත් 27 වැනිදා කුවෙට් ජාතික යුවළක විසින් රැගෙන ආ සුනඛයෙකු පිළිබඳ ඇති වූ සිදුවීමක් මුල්කර ගනිමින් ආදාළ විදේශික යුවළ රාජකාරියේ
නිරත රේගු නිලධාරීන්ට පහරදී තිබේ.

එම සිද්ධියට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර මේ හේතුවෙන් රේගුවේ වැඩ කටුයුතුවලට බලපෑම් එල්ව තිබේ.

මේ අතර අදාළ පහර දීම සිදුකළ කුවෙට් ජාතික යුවළ අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


රන්ජන්ට එරෙහි චෝදනා ගොනුව ශ්‍රේෂ්ඨාධිකරණයට

1:24 AM
රන්ජන්ට එරෙහි චෝදනා ගොනුව ශ්‍රේෂ්ඨාධිකරණයට
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනු කෙරෙන චෝදනා ආඥා කෙටුම්පත අද(30) නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දුන්නේය.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්
සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ගොනු කර ඇති පැමිණිලි අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, විජිත් මලල්ගොඩ සහ එල් .ටී. බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම පැමිණිල්ලේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නයි දන්වන චෝදනා කෙටුම්පත් ආඥාව අධිකරණය හමුවේ ගොනුකර ලැබීය.

එහි පිටපතක් අධිකරණය විසින් වගඋත්තරකාර රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට ද ලබා දී තිබේ.

එම චෝදනා කෙටුම්පත භාරගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවරයා, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය අගෝස්තු මස 8 වන දා දැනුම් දෙන බව නියම කළේය.

රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති එම පැමිණිලිවලින් සඳහන් කර තිබෙන්නේ ඉකුත් වසරේ අගෝස්තු මාස 21 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා රත්නපුර නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයන් බවට ප්‍රකාශයක් කර ඇති බවයි.

මේ තුළින් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට අධිකරණ පද්ධතියට බරපතළ අපහාසයක් සිදු කර ඇති බව මේ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට එරෙහිව සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ප්‍රකාශයට අදාළ වීඩියෝ පට නිරීක්ෂණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් බැලූබැල්මටම අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවට තීන්දු කිරීම නිසා රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව චෝදනා කෙටුම්පත් ආඥාවක් ඉදිරිපත් කරන මෙන් නීතිපතිවරයාට නියම කර තිබුණි.

ඒ අනුවයි නීතිපතිවරයා විසින් මෙම කෙටුම්පත ඉදිරිපත් කර ඇත.


දේශපාලන බොරුවක් නිසා බේකරි නිෂ්පාදන මිල ඉහළ යයි

1:04 AM
දේශපාලන බොරුවක් නිසා බේකරි නිෂ්පාදන මිල ඉහළ යයි
සහල් නිෂ්පාදනය ඉහළ ගොස් ඇතැයි පවසමින් තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කළහොත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

සහල් නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙනවා නම් මුලින්ම සිදු කළ යුතු වන්නේ රටින් සහල් ගෙන ඒම නවතා දැමීම බව ඒ මහතා පෙන්වාදෙයි.

එහෙත් දිගින් දිගටම සහල් රටින් ගෙන්වමින්, සහල්
අතිරික්තයක් ඇති වන බවට පෙන්වාදෙමින් පාන් පිටි බද්දක් අයකිරීම පිළිබඳ දේශපාලනඥයන් ප්‍රකාශ සිදු කරන බවද ඔහු පවසා සිටියේය.




Jul 29, 2018

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ එජාප අපේක්ෂකයා රිමාන්ඩ්

10:24 PM
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ එජාප අපේක්ෂකයා රිමාන්ඩ්
පළාත් පාලන මැතිවරණයේ දී කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවට (එ.ජා.ප) තරඟ කළ අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

 නාරම්මල පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ ගංජා කිලෝ
1යි ග‍්‍රෑම් 50ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටියදීයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කුලියාපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත් මාධව අධිකාරි විසින් අගෝස්තු මස 8 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියම කර තිබේ.

පසුගිය පළාත්පාලන මැතිවරණයේ දී කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර පරාජයට පත්වූ සුගත් පේ‍්‍රමසිරි නොහොත් මානාව නිශාන්ත නැමැත්තා එලෙසින් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ගංජා අලෙවිකරන බවට පොලිසියට දිගින් දිගට ලද තොරතුරු අනුව නාරම්මල ස්ථානාධිපතිවරයා විසින් සැකකරු මානාව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී එය වළක්වාලමින් සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුගේ සහෝදරයාද එදිනම අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එම සැකකරුද එළැඹෙන 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම වී ඇත.

නාරම්මල පොලිස් ස්ථානාධිප ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නාමල් පෙරේරා ඇතුළු පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබූ අතර නීතිඥ උපුල් අලගියවන්න, දහම් රාජපක්ෂ යන අයද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියා.


ජවිපෙ ගෙනා 20ට මහින්ද පිළෙන් යෝජනා

9:02 PM
ජවිපෙ ගෙනා 20ට මහින්ද පිළෙන් යෝජනා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන විසිවන සංශෝධන යෝජනාවේ දැනට ගැසට් මගින් ප්‍රකාශයට පත් වී ඇති කෙටුම්පතට සංශෝධන කිහිපයක් සිදු කරන්නේ නම් එයට සහයෝගය පළ කරන්නට සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද හිතවාදී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පවසා ඇත.

මහින්ද රාජපක්ෂ මහතාට සමීප පැරණි වාමාංශික නායකයෙකු ජවිපෙ
වෙත ඉදිරිපත් කර ඇති ප්‍රධාන යෝජනාවක් වන්නේ විසිවැනි සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වී ජනමත විචාරණයකින් ජයගත් පසුව ආණ්ඩුව විසිර ගොස් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටවිය යුතු බවයි.

එම අන්තර්වාර ආණ්ඩුව හරහා මහමැතිවරණයක් පවත්වා නව අගමැතිවරයෙකු සහ ආණ්ඩුවක් පත්විය යුතු බවද යෝජනා කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය දරන වත්මන් ආණ්ඩුව යටතේ මහමැතිවරණයකට යෑම තම පක්ෂයට අවාසි සහගත බව ඔවුන්ගේ අදහස වී ඇත.

 ගෝඨාගේ පිළ එරෙහිවේ !

ඒකාබද්ධ විපක්ෂයේ 'ජාතිකවාදී' කණ්ඩායම සහ ගෝඨාභය හිතවාදී කණ්ඩායම පමණක් විසිවෙනි සංශෝධනයට විරෝධය පළ කර ඇත.

මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ හිතවාදී කණ්ඩායම සහ මහින්ද රාජපක්ෂ හිතවාදී කණ්ඩායම ලෙස කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වන අතර මහින්ද හිතවාදී කණ්ඩායමේ සැලැස්ම වී ඇත්තේ විසිවෙනි සංශෝධනය යෝජනාව හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයකදී අගමැති ධූර අපේක්ෂකයා ලෙස නම් කිරීමටයි.

ඊට අමතරව මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු ජවිපෙ වෙත යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තුව හරහා තෝරාපත් කර ගන්නා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින්ම පත්කර ගත යුතු බවට විසිවෙනි සංශෝධන කෙටුම්පත වෙනස් කළ යුතු බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ 'ජාතිකවාදී' කණ්ඩායම සහ ගෝඨාභය හිතවාදී කණ්ඩායම පමණක් විසිවෙනි සංශෝධනයට විරෝධය පළ කළ බවත් මහින්ද හිතවාදී කණ්ඩායම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව කැමැත්තෙන් සිටින බවත් වැඩිදුර අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතාට සමීප ශ්‍රීලනිප සමාජිකයා අප සමග කීය.

(අනිද්දා)

පවිත්‍රා හා ඇගේ සැමියා එජාපය සමග එක්වී පොහොට්ටුවට එරෙහි දේශපාලන කුමන්ත‍්‍රණයක..

8:23 PM
පවිත්‍රා හා ඇගේ සැමියා එජාපය සමග එක්වී පොහොට්ටුවට එරෙහි දේශපාලන කුමන්ත‍්‍රණයක..
ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි හා ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න විසින් දේශපාලන කුමන්ත‍්‍රණයක් දියත් කර ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතා පවසයි.

රත්නපුර මහ නගර සභාවේ බලය පිහිටුවීමට ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන්
දෙදෙනෙකුගේ සහයෝගය ලබා ගත හැකිව තිබියදී එජාප මන්ත‍්‍රීන් 10 දෙනෙකු හා පොහොට්ටුවේ මන්ත‍්‍රීන් 03ක් එක්ව නගරාධිපති පොහොට්ටුවෙන් හා උප නගරාධිපති එජාපයෙන් පත් කල බවටද ඔහු චෝදනා කරයි.

පවිත්‍රා වන්නිආරච්චි මන්ත‍්‍රීනියට හා ඇගේ සැමියාට උවමනා කරන්නේ එජාපය වැටෙන්නට නොදී රැක ගැනීම බවත් ඔහු තව දුරටත් කියා සිටී.

ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

අර්ජුන රණතුංගට හා අරවින්දද සිල්වාට තරග පාවාදීමේ චෝදනා..

7:19 PM
අර්ජුන රණතුංගට හා අරවින්දද සිල්වාට තරග පාවාදීමේ චෝදනා..
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේදී මුලින්ම මුදලට තරග පාවා දිමේ චෝදනා එල්ල වූයේ අර්ජුන රණතුග හා අරවින්ද ද සිල්වාට බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

තරග පාවාදීම සහ ඔවුන් ඩොලර් 15,000ක් ගත් බව ලිඛිතව වාර්තා
ඇති බවත් ඒවා පරීක්‍ෂා කර දඬුවම් නොකලේ යයි ලංකාවේම් ක‍්‍රිකට් ප‍්‍රජාව තමනට බනින බවද ඔහු කියා සිටී.

එම ඩොලර් 15,000ක මුදල ගුප්තා නම් අයෙකුගෙන් ගත් බවත් බුකිකාරයෙකු සමගින් වැඩ කල බවත් ලෝකෙම ප‍්‍රසිද්ද බවත් ඔහු කියා සිටී.

අනුරාධපුරයේදී පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.