වැලිකඩ බන්ධනාගාරය තුල ක‍්‍රියාත්මක කර තිබූ බුද්ධි අංශය විසුරුවා හරී.. නියෝගය තලතාගෙන්.. - Neth News Blog

Jul 26, 2018

වැලිකඩ බන්ධනාගාරය තුල ක‍්‍රියාත්මක කර තිබූ බුද්ධි අංශය විසුරුවා හරී.. නියෝගය තලතාගෙන්..

වැලිකඩ බන්ධනාගාරයේ ක‍්‍රියාත්මකව තිබූ බුද්ධි අංශය වහාම විසුරුවා හැරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ විෂය භාර ඇමතිනී තලතා අතුකෝරළ
මහත්මියගේ උපදෙස් මතයි.

මෙම තීරණය ගෙන ඇතැයි පැවසෙන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මෑතකදී එල්ල වූ විවිධ දූෂණ හා අක්‍රමිකතා චෝදනා ගැන සොයාබැලීමෙන් පසුවයි.