පසුගියදා කීල්ස් ආයතනය ඉදිරිපිට කිඹුලා ඇලට වැටුනු අධි සුඛෝපභෝගී BMW i8 මෝටර් රථයේ වාහනයේ හිමිකරු හෙලිව තිබේ.
අදාල අනතුර සිදුවෙද්දී එම රථය පදවනු ලැබ ඇත්තේ තමන්ගේ ඥාතියෙක් බව සැබෑ මුත් ඔහු තම කාර්ය මණ්ඩල සාමාජිකයෙක්
නොවන බව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අැමති කබීර් හෂීම් මහතා පවසයි. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව හෙලි කර ඇත.
මෙම රථය දැනට දින කිහිපයකට පෙර කෝටි 06 කට ආසන්න මුදලක් ගෙවා මෙම රථය මිලදී ගෙන ඇත්තේ කොළඹ පිහිටි Bavarian Motors Pvt Ltd ආයතනයෙනි.
අනතුර සිදුවන අවස්ථාවේදී නිසි ලෙස ලියාපදිංචිය සම්පූර්ණ කර නොතිබූ බැවින් ගරාජ් අංක භාවිත කරමින් ධාවනය කර ඇත.
අනතුරින් පසු වාහනය පැදවූ පුද්ගලයා පලාගොස් එය විකුණන ලද ආයතනයේ රියදුරෙකු එවා තිබුණද පොලිසීය එන්ජින් හා චැසි අංක පරීක්‍ෂා කර එහි නියම හිමිකරු ඒ වන විටත් සොයාගෙන තිබූ නිසා එය නිදහස් කිරීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.
කෙසේ වෙතත් වාර්තා වන ආකාරයට මේ වන විටත් නිීත්‍යානුකූල අයිතිකරු ඉදිරිපත් වී වාහනය මුදාගෙන ගොස් නැත.
මේ අතර සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ අදාල වාහනය පදවා ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යේෂ්ඨ කැබිනට් ඇමතිවරයෙකුගේ පුතෙකු විසින් බවයි.
Mar 18, 2018
Home
Unlabelled
Exclusive : කිඹුලා ඇලට පෙරළුණු සුපිරි රථයේ හිමිකරු මෙන්න…
Exclusive : කිඹුලා ඇලට පෙරළුණු සුපිරි රථයේ හිමිකරු මෙන්න…
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.