සී.එස්.එන්. නාලිකාව ආරම්භ කිරීමට යෙදවූ රුපියල් ලක්‍ෂ 2340 උපයා ගත්තේ කෙසේ දැයි පැහැදිලි කර යෝෂිත පුතා බේරා ගන්නා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාට පවසන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මේ ලක්‍ෂ 2340 සොයාගත් ආකාරය කියන්න බැරි නම් ඒ මුදල් මහින්දගේ හෝ යෝෂිතගේ වැටුප නොවේ නම්, මැදමුලන වලව්වේ ආදායමත් නොවේ නම් අනිවාර්යයෙන් ම මහාභාණ්‌ඩාගාරයේ මුදල් විය යුතු බව ද කී අනුර කුමාර දිසානායක මහතා මේවා මහජන මුදල් බව ද කීය.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම මහජන මුදල් නැවත පවරා ගත හැකි බව ද මෙකී ගනුදෙනුව සමඟ තවත් පරීක්‍ෂණ රැසක් ගැට ගැසී ඇතැයි ද කී දිසානායක මහතා, කාල්ටන් රූපවාහිනියට අයත් ගොඩනැඟිල්ලට සහ සේවක මණ්‌ඩලයට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මුදල් ගෙවා තිබෙන බව ද කීය.
මෙකී රූපවාහිනි නාලිකාවට රජය සතු උපකරණ ද භාවිත කර ඇතැයි කී දිසානායක මහතා, සී.එස්.එන්. නාලිකාවට භාණ්‌ඩ ආනයනය කරද්දී රේගුවට වංචා කර ඇතැයි ද පැවසිය.
එජාපයේ වැඩක් !
කෙසේවුවද, ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා පැවසුයේ, ආණ්‌ඩුව විසින් යෝෂිත රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්‌ඩායම අත්අඩංගුවට ගනු ලැබුවේ ඒකාබද්ධ විපක්‍ෂය හා රජයට එක්‌ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමැතිවරුන් අතර ඇතිවෙමින් තිබූ සමීප වීම වැළැක්‌වීමට බවයි.
පසුගියදා ආණ්‌ඩුව විසින් ගෙනඑනු ලැබූ ව්‍යවස්‌ථා සංශෝධන යෝජනාවේදීත් අයවැය යෝජනා සම්බන්ධයෙනුත් ජිනීවා යෝජනා සම්බන්ධයෙනුත් ඒකාබද්ධ විපක්‍ෂය හා ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමැතිවරුන් එක ස්‌ථාවරයක සිට එකඟතාවක් ඇතිවෙන විට එම සමීප වීම එජාප ආණ්‌ඩුවට බාධාවක් යෑයි සිතා එය බිඳ දැමීමට යෝෂිත රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සිදුවූ බව සිතිය හැකි යෑයි හෙතෙම සඳහන් කළේය.
ආණ්‌ඩුව මෙවැනි ක්‍රියා තුළින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ධෛර්ය සිඳ ඒකාබද්ධ විපක්‍ෂය දුබල කිරීමට සිතනවා නම් එය ඉටු නොවන දෙයක් බවත් වාසුදේව නානායක්‌කාර මහතා පැවැසීය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය, නීතිපති දෙපාර්තමේන්තුව මඟහැර ඊට පිටුපා කටයුතු කරමින් තිබෙන ආයතනයක් බවත් වාසුදේව නානායක්‌කාර මහතා සඳහන් කළේය.
බොරැල්ල කොටා පාරේ පිහිටි ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (3 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.
Feb 4, 2016
යෝෂිත බේරා ගත හැකි මග අනුර, මහින්දට පහදයි
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News