තාජුඩීන්ව ලුහුබැඳි වාහනය ගැන විමර්ශන - Neth News Blog

Jan 19, 2017

තාජුඩීන්ව ලුහුබැඳි වාහනය ගැන විමර්ශන

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ මරණය සිදු වූ රාත‍්‍රියේ ඔහු ගමන්ගත් වාහනය ලූහුබැඳ ගිය බව කියන මෝටර් රථය සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන ඇතුළත් සී ඞී පටය කොළඹ විශ්ව විද්‍යාලයට යවා වැඩිදුර විස්තර සහිත වාර්තාවක් ලබාගැනීමට රහස් පොලිසිය කළ ඉල්ලීමට අධිකරණය අද (19)අවසර ලබාදුන්නා.

ඒ, අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීයි.
තාජුඞීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කොළඹ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා ලබන 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මෙහිදී නියෝග කෙරුණා.